ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 320ක් වෙයි

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (අප්‍රේල් 7) තවදුරට ත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 දක්වා ඉහළ ගොස් ඇති බව ය.

එමෙන් ම, එහි ගැනුම් මිල සටහන් වී තිබුණේ, රුපියල් 309.38ක් ලෙස ය.

මේ අතර, ඇතැම් වාණිජ බැංකු අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 320ක් ලෙස දක්වා ඇත.