අද පැය 03ක විදුළි කප්පාදුවක්
අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සෑම කාණ්ඩයකටම පැය 03 ක විදුළි කප්පාදුවක් සදහා අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
කෙසේ වෙතත් පද්ධතිය අඩාල නොවීම සදහා ඇතැම් විට අමතර පැය භාගයක ද විදුළි කප්පාදුවක් සිදුවිය හැකි බවයි කොමිසම දැනුම් දෙන්නේ.
මේ අතර විදුළි ඉල්ලුම ඉහළ අගයක් ගන්නා පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ හැකිතාක් විදුළිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද මහජන උපයෝගිතා කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.