ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

කියෙව් – මොස්කව් සාකච්ඡා මැද රුසියානු ප්‍රහාරයේ සැර බාල වේ

කියෙව් සහ මොස්කව් අතර ඉහළ මට්ටමේ සාකච්ඡා යුක්රේන-බෙලරුස් දේශසීමාවේ දී පැවැත්වෙමින් ඇත. සාකච්ඡා පැවැත්වෙන්නේ මොස්කව් සිය න්‍යෂ්ටික බලඇණි ඉතා සීරුවෙන් තබා ඇති වටපිටාවකය. තවමත් වෙඩි ප්‍රහාර එල්ල වෙමිනි. රුසියානු හමුදා ප්‍රහාර නැවතී ඇත. එහෙත් යුක්රේන හමුදා ජාත්‍යාන්තර මාධ්‍යයයට පවසා තිබුනේ රුසියානු ප්‍රහාරක වේගය අඩු වී ඇති බවය.

දැනටමත් පොඩි උන් 14ක් මිය ගොස්ය. සිවිල් මරණ සංඛයාව 352කි. යුක්රේනය මතු නොව ලෝකයම සාමය අපේක්ෂාවෙනි.

ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි කීවේ යුක්රේනයට  ඉදිරි පැය 24  “තීරණාත්මක” වනු ඇති බවය. සාකච්ඡා ආරම්භයේ දීම ජාත්‍යාන්තර විචාරකයන් පුරෝකථනය කළේ කොන්දේසි විරහිතව යටත් වීම,  සෙලෙන්ස්කිගේ රජය පෙරළා දැමීම, අඛණ්ඩ රුසියානු ප්‍රහාර වැනි රුසියානු පාර්ශවයේ අභිලාෂයන් අනුව මේ සාකච්ඡා සාර්ථක වීමේ ඉඩකඩ අල්ප විය හැකි බවය.