ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රටේ නීතියට බය නැති දේශපාලන චණ්ඩි ප්‍රසිද්ධියේ කඩයක් කුඩු කරයි (VIDEO)

ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ වෙළෙඳසැළක ඇතිවූ ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට පිරිසක් පැමිණ පහරදෙන සිද්ධියක් වාර්තා විය.

ඊයේ (27) රාත්‍රියේ එම ප්‍රහාරය එල්ලවී ඇති අතර වෙළෙඳසැළේ සවිකර තිබූ CCTV කැමරාවක ප්‍රහාරය පටිගත වී තිබුණි.

වෙළෙඳසැළේ හිමිකරු සඳහන් කළේ දුම්වැටි ණයට ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම පුද්ගලයා පිරිසක් සමග පැමිණ පහරදුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලීසිය විමර්ශන සිදුකරයි.