ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එජාප හිටපු මන්ත‍්‍රී ‘ලිට්රෝ ගෑස් බෝයි’ කරලා – සමාගම නීතිමය ක්‍රියාමර්ග ගැනීමට යයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතාගේ පින්තුරයක් යොදා ලිට්රෝ ගෑස් සමාගමේ සන්නාමය අවභාවිතා කර ඇති බවත් තම කීර්තිනාමයට අහිතකර ලෙස බලපාන ලෙස නිර්මාණ සමාජ ජාලා වන්ට මුදා හැර ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ඉදිරියේදී තම සමාගමේ සන්නාමය අවභාවිතා කිරීම පිලිබදව අදාල පුද්ගලයන්ට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම සමාගම පවසයි

එම නිවේදනය මෙසේය.

Litro Gas සමාගමට අයත් මෙම ෆේස්බුක් ගිණුමෙහි සන්නාම ලාංජනය භාවිතා කරමින් ජායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැර ඇත.

එම ජායාරූප සමාජ මාධ්‍යය තුළ වේගයෙන් පැතිරිම ලිත්‍රෝ ගැස් ලංකා සමාගමේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපානු අතර මෙලෙස අනවශ්‍ය ලෙස සන්නාම ලාංජන භාවිත කරමින් අපගේ විශ්වාසනීය පාරිභෝගිකයින් නොමඟ යවන ජායාරූප මුදා හැරිම මෙන්ම අපගේ නිශ්පාදන සහ සන්නාහ නාමය අවසරයකින් තොරව පරිහරණය කිරිම සහ ප්‍රදර්ශනය කිරිම සුදුසු නොවන බව අදාල පුද්ගලයන් වෙත දන්වමු.

එමෙන්ම එවෙනි පුද්ගලයන්ට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමාගම දන්වා සිටිමු