රිෂාඩ්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉවත්වී තිබේ.
මෙම පෙත්සම් අද (28) විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
තමා පාස්කු කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව සාමාජික විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් දැනුම්දුනි.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජුනි මස 4 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.