ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රජය කොළඹ ගැන තීරණයක් ගනී

ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී තිබෙනවා.

වයිරසය ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණා.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපදෙස් දී ඇති බව සඳහන්.