‘මටත් හිතාගන්න බෑ.. මට මොකක් හරි උනා.. මට නින්දා අපහාස විදින්න සිද්ධ වුණා..‘ – පැණි ධම්මික හඩාවැටෙයි.. හඩ පටය මෙන්න (VIDEO)
තමාට දැන් මේ පැණි හැදිල්ල නිසා අපහාස, උපහාස විදින්නට සිදුව තිබෙන බැවින් පැණි හැදිල්ල එපා වී තිබෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරන වීඩියෝ පටයක් සමාජගත වී තිබේ.
තමා මේ පැණිය හැදීම සඳහා අතේ තිබු මුදල් ද වියදම් කල බවත් ඒ හැරුණු කොට තමන්ගේ ලේ කාලි මෑණියන්ට දුන් බවත් එම වීඩියෝ පටයෙන් අසන්නට පිළිවන.
මේ තත්වය මත තමාට දැන් මේ පැණි හැදිල්ල එපා වී තිබෙන බවට කරන ප්‍රකාශයක් ද එම වීඩියෝ පටයට ඇතුලත්ය.
ඒ හැරුණු කොට පැණිය වැඩි දියුණු කර ගැනීම සඳහා ස්වාමින් වහන්සේ නමක් විසින් ලබා දුන් ලක්ෂ 10 පිලිබඳ කතාවකුත් ඊට ඇතුලත්ය.