ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘බුරුවි‘ නිවාස 185 කට හානිකර පුද්ගලයන් 4000 ක් අවතැන් කරයි

බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට උතුරු පළාතේ පුද්ගලයන් 4007 දෙනෙකු අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් අවතැන්ව සිටින අතර වැඩිම පිරිසක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

අවතැන්ව සිටින පුද්ගලයන් ආරක්ෂිත කඳවුරු වෙත යොමුකර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා පවසනවා.

‍සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නිවාස 15 කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 170 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.