මහර ගැටුමේ සුලමුල එළියට.. වියත්මගේ දොස්තර නිරෝධායන නීති කඩ කරමින් PCR නොකර වැලිකඩ රැඳවියන් මහරට යවලා.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 120 දෙනකු නිරෝධායන නීතිරීති උල්ලංඝනය වන ආකාරයෙන් මහර බන්ධනාගාරයට මාරු කර යැවීමට නියෝග ලබාදී තිබෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ සෞඛ්‍යය කටයුතු භාරව සිටින එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ද වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයේ වෛද්‍යවරයෙකු විසින් බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් මේ ආකාරයට නිරෝධයන නීති රීති කඩ කර නොඑවන ලෙසත් එසේ එවන්නේ නම් එය ලිඛිතව දැනුම් දෙන ලෙස මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාරයේ මෙම වෛද්‍යවරයාට දැනුම් දුන් අවස්ථාවේ එම වෛද්‍යවරයාට බැන වදිමින් බලහත්කාරයෙන්ම මෙම රැඳවියන් 120දෙනාට මහර බන්ධනාගාරයට යවා තිබෙන බවද අනාවරණයවේ.
කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් අදාල වියත්මගේ වෛද්‍යවරයා වැලිකඩින් මහරට රැඳවියන් 120ක් රැගෙනයෑම තුල 183ක කොවිඩ් පොකුරක් මහර නිර්මාණය වුණු අතර ඉන් කළබලයට පත්වු රැදවියන් තමන්ට PCR පරීක්ෂන සිදුකරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය ආරම්භ කරන ලදි. අවසානයේ එය පාලනය කල නොහැකි තත්ත්වයට පත්වීමෙන් පසු බන්ධනාගාර බලධාරීන් STF භටයින් කැදවු අතර ඔවුන් සිදුකල වෙඩි තැබීමෙන් රැවියන් 11ක් ජීවිතවලින් වන්දි ගෙවන ලදි.
සාමාන්‍යෙයන් බන්ධනාගාරයක සිට වෙනත් බන්ධනාගාරයකට රැදවියන් මාරු කරන්නේ ඔවුන් PCR පරීක්ෂනයකට යොමුකිරීමෙන් පසුවයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මහර බන්ධනාගාරයට බලහත්කාරයෙන් යැවූ මෙම වෛද්‍යවරයා වියත්මගේ ප්‍රබල සාමාජිකයෙකු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපීපෙනන වැඩකොටසක් ඉටුකල අයෙකු බවද වාර්තාවේ.