ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව නොදිය යුතුයි – වාසුදේව නානායක්කාර

20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ.

නමුත් ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර ඇත.

එහිදී ඇමති වාසුදේවගේ අදහස පැහැදිලි කරමින් ඔහුගේ සහායට පැමිණි ඇමති විමල් විරවංශ මහතා පවසා ඇත්තේ පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස ඇමති වාසුදේව එසේ පෙන්වා දුන් බවත් ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරු දැරීමට ඉඩ නොදෙන බවත්ය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමේ උවමනාව මත මෙලෙස ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට ඉඩකඩ විවර කරන බවත් ඊට ආණ්ඩුවේම පිරිසක් මේවවිට එරෙහිවී ඇති බවත් මේ අනුව පෙනී යයි.

මෙම සංශෝධනය යම් හෝ සුළු අඩුපාඩුවක් තිබුණොත් විපක්ෂය ඊට එරෙහිව අධිකරණයට යනු ඇති නිසා තවදුරටත් අධ්‍යනය කර ඊළඟ කැබිනට්ටුවේ දී අනුමත කිරීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී යෝජනා කර ඇතත් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

අවසානයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ එදිනම කෙටුම්පතට අනුමැතිය දී එදිනම ගැසට් කිරීමට යැවීමටයි.