ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

නිව් ඩයමන්ඩ් නැවේ ගින්න නිවෙන අතර සම(හරක්) ඇඩ්මින්ලා Facebook එක ගිනිතියපු ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

ගිනි ගත්ත නැවයි, ගින්නයි කොහෙවත් තියෙද්දි වටේම වතුර ඉහින යන මේ යාත්‍රා ගැන බොහෝ අය සමච්චලයෙන් කතා කරලා තිබුණා.

නැවේ ගින්න නිවීම වගේම, ගින්න පැතිරීම වලක්වන එක මේ මෙහෙයුමේ ප්‍රධාන කාර්යයක් වෙලා තිබුණා. ඒ වෙනුවෙන් නැව සහ අවට ප්‍රදේශය (Boundary Lines) අවට යාත්‍රා යොදවල සිදු කළේ නෞකාව සිසිලනය කරන එකයි.

නැව පැත්තට එන සුලං ධාරාව සිසිල් කිරිමෙන් ගින්න පැතිරීම වලක්වා ගන්න එක තමයි ඔය ඈතින් තිබෙන යාත්‍රා සිදුකළේ.

ඒ වගේම ගින්න නැවේ බඳ කොටසට ඇවිලෙන එක නවත්වන්න නැවේ තර්ටුව සහ බඳ කොටස සීතල කිරීම තමයි නෞකාව ආසන්නයේම ස්ථානගත කරලා තියෙන ගලවාගැනිමේ යාත්‍රා දෙක සිදුකළේ.

බොහෝ අය සමච්චලයට ඉරි ගහල, ඊතල ගහල මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ හේතුව නිසාම, බොහෝ දෙනා නොදන්නා කරුණ නාවික හමුදාවේ කැපකිරීම අගයනුවස්  මේ විදියට කුඹියෝ නිවුස් පළ කරනවා.