ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ රියදුරු සහ බැකෝ යන්ත්‍රය පමණක් අත්අඩංගුවට ගනී – වගකිවයුතු පුද්ගලයින් තවමත් නිදැල්ලේ

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රය සහ එහි රියදුරු පමණක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

කෙසේ වෙතත් මෙම රැමිසා තෙත් බිමක් ලෙස නමි කරන ලද ආනවිලුන්දාව තෙත්බිම ඉස්සන් වගාකිරීම සදහා ඩෝසර් කරන ලද පුද්ගලයින් සහ ඔවුන්ට ආරක්ෂාව හා රැකවරණය ලබාදුන් දේශපාලන නායකත්වය මේ වනවිටත් නිදැල්ලේ සිටී.

වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මෙම බැකෝ යන්ත්‍රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේ අදාළ සැකකරුගේ නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එහිදී අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි.

එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට