ඩුබායි සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බංගදෙණිය ප‍්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු පවසනවා.
කෙසේවෙතත් ඇය ඩුබායි සිට පැමිණි පසු පුද්ගලයින් 11 දෙනෙකු පමණ ඇයගේ නිවසට පැමිණ තිබුණා. එම පිරිස ද මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද කටයුතු යොදා ඇති බවයි වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු කියා සිටියේ.
හලාවත රෝහලේදී මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.
අදාළ රෝගියා සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආශ්‍රිතයින් 15 දෙනාගේම PCR පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. අද දවසේ කල්පිටිය, පුත්තලම, ආරච්චිකට්ටුව, හලාවත ආදී ප්‍රදේශවල PCR පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කරන්නට කටයුතු කරන බවත් පෙන්වා දුන්නා.
අගෝස්තු මස 15 වැනිදා හදුනාගත් රෝගියා බංගදෙනිය ප්‍රදේශය වෙත පැමිණ තිබූ අතර අගෝස්තු 16 වැනිදා ප්‍රදේශය භාර PHI නිලධාරියා ඇය ගැන සොයා බැලීමට ගොස් තිබුණා. අදාළ රෝගියා රෝග ලක්ෂණ මතු වීම නිසා නිවසෙන් පිටතට පැමිණ ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමේ අදහසින් බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
Post Views: 316