ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

කොළඹ ද සොයිසා රෝහලේ පස් නිවුන් දරු උපතක් – 5 දෙනාම ගැහැණු දරුවන්

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සඳහන් කළේ එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බවය.

ගම්පහ, පැපිළියාවල ප්‍රදේශයේ 29 හැවිරිදි මවක් විසින් අද (28) උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.