ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නීතිපතිවරයාගේ උපදෙස් වලට පිටින් චොකා මල්ලී පාර්ලිමේන්තුවට..! 2010 මට අහිමිවු අවස්ථාව චොකා මල්ලිට හිමිද? සරත් ෆොන්සේකා ප්‍රශ්ණ කරයි.

පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහාගී නොකිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිපුණද මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව සලසා දෙන ලෙස, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ දී බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කළේ ය.

මරණ දඩුවම නියමවූවන්ට අදාල විශේෂ නීතිරිති ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව ප්‍රේමලාල් ජයසේකරට පාරලිමේන්තුව සැසිවාර සදහා සහභාගීවිය නොහැක.ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්කර තිබුනද මාස තුනක් ගතවීමට පෙර ඔහුට සිය මන්ත්‍රීධුරයේ දිවුරුම්දීමට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසිවන බව නීති විශාරදයින් පවසයි.

මේ සම්බන්ධයෙන් අද(28) අදහස් පළ කරමින්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, මාස 30ක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තමන් හට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමට එවක සිටි කතානායක චමල් රාජපක්ෂ මහතා අවස්ථාව සලසා නොදුන් බවයි.

එහෙත් අද(28) පාර්ලිමේන්තුවේ තම කතාව සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෙන්සේකා මහතා සදහන් කර සිටියේ තමන් මාස 30ක් බන්ධනාගාර ගතකර තිබූ බවත් එම කාලයේ පාර්ලිමේන්තුවේ කතානායක වරයා වශයෙන් සිටි චමල් රාජපක්ෂ මහතා තමන් වෙත පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාවක් ලබානොදුන් බවත් එබැවින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැදවීම නරක පූර්වාදර්ශයක් විය හැකි බවත්ය.