මෛත්‍රීපාලට දුන්න ඇමතිකම එපා කියලා..දුන්නේ පරිසර – සිදුවී ඇති දේ මෙන්න
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව ආණ්ඩුවේ යෝජනාව ඇමතිධූරය ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ ඇමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දී ඇති බව වාර්තා වනවා.
එසේ වුව ද හිටපු ජනාධිපතිවරයා මහනුවර දී පැවති නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට ඊයේ දිනයේ සහභාගී වුණා.
මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට යෝජනා වී තිබුණේ පරිසර ඇමතිකම වන අතර එය මේ වන විට මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබෙනවා.
නිමල් සිරිපාල සිල්වා මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් කැබිනට් අමාත්‍යධූරය ලෙස කම්කරු ඇමැති ධුරයේ හිමිවී තිබුණා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූ රාජ්‍ය ඇමති ධුරයන් දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අයට හිමිව තිබෙනවා.