ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දිවුරුම් දුන් ඇමතිවරු තිදෙනෙක් ‘ජනපති සමග’ නිල ඡායාරූපයට පෙනී සිට නෑ

ඊයේ මහනුවර මඟුල් මඩුවේදී පැවති ඇමති මණ්ඩලයේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව සඳහා රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකු සහභාගි නොවූ බව වාර්තා වනවා.

ලොහාන් රත්වත්තේ, විමලවීර දිසානායක, ප‍්‍රියංකර ජයරත්න යන රාජ්‍ය ඇමතිවරුන් මෙසේ සමූහ ඡායාරූපයට පෙනී නොසිටියා.

තමන් හදිසි අවස්ථාවක් සඳහා එම ස්ථානයෙන් පිටව ගිය බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න සඳහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ ආසන්නයේ සිටියද සන්නිවේදන ගැටලුවක් මත සමූහ ඡායාරූපයට පෙනී සිටීමේ අවස්ථාව මඟ හැරුණු බවයි.