ඇමෙරිකානු ජාතිකයෙක් කොළඹ – මහනුවර බසයක් තුළ හදිසියේම මරුට
මෙරටට පැමිණ සිටි අමෙරිකානු ජාතිකයෙකු බස් රථයකින් ගමන් කරමින් සිටියදී එතුලම මිය ගොස් ඇතැයි වාර්තා වනවා.
ඊයේ දිනයේ කොළඹ සිට මහනුවර බලා ගමන් ගත් බස් රථයකදී ඔහු මෙසේ මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
යක්කල ප්‍රදේශයේදී මෙම පුද්ගලයා බසයට ගොඩ වී ඇති අතර මහනුවර ආසන්නයේදී එහි සිහිසුන්ව වැටී සිටීම හේතුවෙන් රෝහලට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.
රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් තිබූ බවයි.