කිරිඇල්ලගෙන් රනිල් වික්‍රමසිංහට දැඩි චෝදනා
එක්සත් ජාතික පක්ෂිකයන් 2002 වසරේ සහ 2015 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කලද එවකට අග්‍රාමාත්‍යය වරයා වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිටි ජනාධිපතිවරුන් සමග මතභේද ඇති කර ගැනිම නිසා එම රජයන් නිසිලෙස පවත්වාගෙන යාමට නොහැකි වු බව ජාතික සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එ බැව් කියා සිටියේ ජාතික සමගි ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක කාර්යයාලයක් නාවලපිටිය නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු ජාතික සමගි ජනබලවේගයේ රජයක් පත් වු පසු මේ රටේ ජනතාව සහන රැසක් ලබාදෙන බවයි.
මෙම රැස්විමේදි අදහස් දැක් වු මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු අමාත්‍යය රවුෆ් හකිම් මහතා කියා සිටියේ ජනාධිපතිවරණ දෙකක් සදහා එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපෙක්ෂකයන් ආනයනය කිරිමට සිදු වු බවයි.