ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොළඹ වරායට ගෙනා ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම ඉහලින් ආ නියෝගයකින් ප්‍රමාද කිරීමෙන් දිනකට කෝටියක පාඩුවක් !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීම සඳහා ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම රජයේ ඉහලම තැනකින් ලැබුණු නියෝගයකට අනුව ප්‍රමාද කිරීම හේතුවෙන් දිනකට රුපියල් කෝටියක පමණ මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් එම දොඹකර ප්‍රවාහනය කළ නැව් සමාගම වෙත ගෙවීමට සිදුව ඇති බව වරාය වෘත්තීය සමිති පවසයි. 

“නැගෙනහිර පර්යන්තයට පැමිණි ඒ ගැන්ට්‍රි දොඹකරවලට සරිලන ආකාරයෙන් පීලි සකස් කරලා ඒවා ගොඩබෑමේ යෝජනාවක් සකස් වුණා, වරාය අධිකාරිය මඟින් ඒ ඉංජිනේරු කොට්ඨාශය විසින් කෝටි දෙකකට වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් ඒ පීලි සකස් කරලා ඒ ගැන්ට්‍රි දොඹකර ස්ථාපිත කිරීම සඳහා පසුගිය 20 වනදා ඒ නැව ආවා. 

මේ වනතෙක් ඒ නැවෙන් දොඹකර ගොඩබෑම සිදුකිරීම සඳහා අනුමැතියක් නෑ, රාජ්‍ය අනුග්‍රහයක් නෑ, රාජ්‍ය බලධාරියෙක් නෑ. නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කළොත් පමණයි වරායේ ඉදිරි අනාගතය පවතින්නේ. මේ ඉදිරි සතිය ඇතුළත මේ ගැන්ට්‍රි දොඹකර තුන මේ පාලමේ තිබීමට කටයුතු කළ යුතුයි. අපි දීලා තියෙනවා රජයට සතියක කාලසීමාවක්. මේ සතිය තුළදී එය ක්‍රියාත්මක කරන්න ඕනෙ. 

ඒ නැවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට කෝටියකට වැඩි මුදලක් අය කරනවා. මේ මුදල් කාගෙද ? මේ මුදලුත් වරාය අධිකාරියේ. එතකොට ආණ්ඩුව කරන වැඩෙන් වරාය අධිකාරිය මුදල් ගෙවන්නේ” යනුවෙනුයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේ. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.