රුසියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද
රුසියාවේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් අද (03) වාර්තා වී තිබේ. ඒ අනුව කොවිඩ් 19 ආසාදිතයින් 10633ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
සමස්ත අසදිතයින්ගේ ගණන 134,687ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මරණ 1280ක් වාර්තා වී අතර 50%ක පමණ ආසදිතයින්ට රෝග ලක්ෂණ නොමති බවද එරට වාර්තා පෙන්වා දෙයි.
රුසියාවේ මොස්කව් නුවර දැඩි අවධානමකට ලක්ව තිබෙන අතර පසුගිය දින හතරක පමණ කාලය තුළ ස්ථාවර ආසාදිතයින් ගණනක් වාර්තා වෙමින් පැවතියද පසුගිය දින හතරක පමණ කාලය තුළ නැවත ආසාදිතයන් වාර්තා වන ප්‍රමාණය වැඩි වී ඇති බව සඳහන්.
සිය රට තුළ වෛරසයේ ව්‍යාප්තිය පාලනයකර ඇති බවට පසුගිය මාර්තුවේ ජනාධිපති ව්ලැදීමීර් සිය ජනතාව සහතිකයක්ද දී තිබූ අතර ජාත්‍යන්තරයටද ඔහු සහය දැක්වීමට දැක්වීමට අමතක නොකළේය.