කොරෝනා නිසා මරදානේ මියගිය පුද්ගලයාගේ බිරිඳටත් කොරෝනා
කොරෝනා වෛරසය ආසාදිත වූ බවට තහවුරු වූ පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
පසුගිය 03 වැනිදා හලාවත මහා රෝහලේදී කරන ලද පරීක්ෂණයකදී එක් කාන්තාවක් මෙසේ හඳුනාගෙන ඇති අතර ඇය මීට පෙර පුත්තලම – කවයන්කුලම ප්‍රදේශයෙන් හමුවූ රෝගියාගේ බිරිඳයි.
04 වැනිදා හලාවත මහා රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණයකදී තවත් කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඇය පසුගියදා කොරෝනා ආසාදනයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට පුත්තලම සහිරා ජාතික පසලේ නිරෝධායනය වෙමින් සිටි 11 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අයවලුන් බවට හඳුනාගෙන තිබෙනවා.