විපක්ෂයේ මහින්ද පිල සහ ටීඒන්ඒ් නිවැරදි තීන්දුවක් ගන්නේ නම් ආණ්ඩුව පරාජය කල හැකියි -අනුර
මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් පක්ෂ “නිවැරදි තීන්දුවක් ගෙන” බ්‍රහස්පතින්දා (ජූලි 11) විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ නම් මේ සුළුතර ආණ්ඩුව පලවා හැරීම අපහසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බදාදා (ජූලි 10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංගයට අදාළ විවාදය ආරම්භ කරමින් ඔහු පෙන්වා දුන්නේ, ආණ්ඩුව පරාජය කර ජනතාවට අලුත් මහ මැතිවරණයක් දිනා දීම තම පක්ෂයේ අපේක්ෂාව වන බවය.
නිවැරදි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගෙන පාස්කු ඉරිදා (2019-04-21) මහා විනාශයක් වෙන්නට ඉඩ හරින ලද ආණ්ඩුවට තවදුරටත් රටේ ආරක්ෂාව හෝ ජනතාවගේ ආරක්ෂාව හෝ භාර දිය නොහැකි බව අනුර කුමාර දිසානායක පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කළේ, නිවැරදි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ආණ්ඩුව සිය වගකීම පැහැර හැර ඇති බවය.
”මේ අපරාධයට වගකිව යුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි ප්‍රහාරය සැලසුම් කරලා, එය ක්‍රියාත්මක කරලා මහා විනාශයක් කරපු අය. ඉන් කිහිප දෙනෙක් මැරිලා. ඉතුරු අයට එරෙහිව දැන් සීඅයිඩී එක, ටීඅයිඩී එක පරීක්ෂණ කරනවා. සමහරු අත්අඩංගුවේ. නමුත් මේකට වගකිව යුතු එක කණ්ඩායමකට දඬුවමක් නෑ. ඔවුන් තමයි මේ ඛේදවාචකය දැනගෙනත් ඊට ඉඩ දී බලා හිටපු ආණ්ඩුව,” යනුවෙන් අනුර කුමාර දිසානායක පැවසීය.
මෙම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (ජූලි 11) පැවැත්වීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය භාවිත කිරීම පිළිබඳව අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවසුවේ විශ්වාශභංගයට පක්ෂව ඡන්දය ලබා දීමට ඊයේ රාත්‍රියේ පැවති රැස්වීමකදී තීරණයක් ගත් බවය.
එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද වත්මන් ආණ්ඩුවට එරෙහිව, විශ්වාස භංග යෝජනාවට සහාය පළකරමින් සිය ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
විශ්වාසභංග යෝජනාව
“වර්ෂ 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දින කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 250කට අධික පිරිසක් ඝාතනය වීමත්, තවත් පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සහ එකී බෝම්බ ප්‍රහාර හේතුවෙන් වූ දේපොළ හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසැලකිල්ලෙන්” ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙය ඉදිරිපත් කෙරුණේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා විසිනි.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පහත සඳහන් කරුණු පදනම් කරගෙනය.
