NewsSlider සතියක් යන තුරු මරණ දඩුවම ක්‍රියාත්මක නෑ – බන්ධනාගාර ජනරාල් අධිකරණයට පොරොන්දු වෙයි. June 28, 2019 Kamal Dhammika බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු අද(28) දින සිට සතියක කාලය තුළ මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(28) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ ඩබ්.තෙන්නකෝන් මහතා අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේ ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබෙනවා ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එවැනි ආකාරයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවයි. මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කළ තවත් විමසුමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අද දින සිට සතියක කාලයක් තුළ කිසිදු විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන බවද දන්වා සිටියේය. ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කර ගත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ජුලි මස 02 වන දා සිදු කරන බව ද නියම කළේය. Post Views: 772 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print