ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

GMOA වෛද්‍ය සොයිසාගේ පෞද්ගලික සායනයට කළුතෙල් ප්‍රහාරයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනයට ඊයේ(27) කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
තමන්ගේ පෞද්ගලික සායනයට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කළුතර ශාඛාවේ උප සභාපතිවරයාගේ පෞද්ගලික සායනයට ද මෙසේ කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි නවීන් සොයිසා මහතා සඳහන් කළේ.
එසේම මෙම ප්‍රහාරය එල්ල කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් බවට ද වෛද්‍යවරයා චෝදනා කළේය. කෙසේවෙතත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මතවාදී ගැටුම් පැවතුණත් තමන් මෙම බියගුළු ප්‍රහාරය අනුමත නොකරන බවත් එය තරයේ හෙළා දකින බවත්ය.