ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

කිම් කාඩේෂියන්‌ගේ යට ඇඳුමට ජපානයේ දැඩි විරෝධය

ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ රූපවාහිනී තාරකාවක් වන කිම් කාඩේෂියන් වෙස්ට් (Kim KardashianWest) විසින් ශරීරය හැඩකර පෙන්වීම පිණිස හඳුන්වා දෙනු ලැබූ නව ඇඳුම් සන්නාමයක් ජපානයේ ජනතාව කුපිත කිරීමට හේතු වී තිබේ.

‘කිමෝනෝ ඉන්ටිමේට්ස්’ (Kimono Intimates) නමින් අඟහරුවාදා (ජුනි 25) නව ඇඳුම් වර්ගය වෙළෙඳපොළට හඳුන්වා දීමේ අරමුණ කාන්තාවන්ගේ හැඩය සැමරීම සහ වැඩි කර පෙන්වීම බව කිම් කාඩේෂියන් පවසයි.

කෙසේ නමුත් ජපානයේ ජනතාව සමාජ මාධ්‍යවල මෙම ඇඳුම් සන්නාමය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ එමගින් ජපානයේ සම්ප්‍රදායක කිමානෝ ඇඳුමට අගෞරවයක් වන බව පවසමිනි.

“අපි කිමානෝ ඇඳුම අඳින්නේ අපේ සෞඛ්‍ය, ළමයින්ගේ වර්ධනය, විවාහ, උපාධි උත්සව, ආදාහන උත්සව වගේ දේවල්වලට. මේ ඇඳුම අපේ පවුල්වලට පරම්පරා වලින් ලැබුණු දෙයක්,” එක් ජපාන කාන්තාවක් වන යුකා ඔහිෂි බීබීසීයට කියා සිටියාය.

“මේ හඳුන්වා දී තිබෙන ඇඳුම අපේ කිමෝනෝ ඇඳුමට කිසිම සමානකමක් නැහැ. ඇය නමක් තෝරලා ඇති ඇයගේ කිම් නම ඇතුළත්. මේ දේට අපේ සංස්කෘතියේ ඇති තැන ගැන කිසිම ගරු කිරීමක් කරලා නැහැ.”

A kimono is a traditional Japanese garment that goes back centuries 

මෙවැනි ජපානයේ සංස්කෘතිමය වැදගත්කමක් ඇති නමක් සිය ඇඳුම් සන්නාම සඳහා කිම් කාඩේෂියන් විසින් යොදාගනු ලැබීම ගැන ඇතැමුන් විරෝධය පළකරද්දී තවත් සමහරුන් කණස්සල්ල පළකරන්නේ සාම්ප්‍රදායික ඇඳුමක නමක් යට ඇඳුම් සන්නාමයක නමකට යොදා ගැනීම ගැනය.

මේ මගින් අනාගතයේදී ජනතාව කිමානෝ යන නම ජපානයට වඩා කිම් කාඩේෂියන් වෙත සම්බන්ධ කළ හැකි බව ද ඇතැම් ජපාන වැසියන්ගේ මතය වී තිබේ.

“කිම්ට විශාල ජනප්‍රියත්වයක් තිබෙනවා පොප් සංස්කෘතිය තුළ. මට බයක් තියෙනවා මිනිස්සු කිමානෝ කියන්නේ ඇගේ සන්නාමයක් කියල විතර දන්න තත්වයක් ඇතිවෙයි කියලා,” යුකා ඔහිෂි සඳහන් කළාය.

මේ අතර කිමානෝ ඇඳුම ගැන විශේෂඥවරියක වන මහාචාර්ය ශේයිලා ක්ලිෆ් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ සාම්ප්‍රදායික කිමානෝ ඇඳුමට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ඇඳුමක් සමග එය හඳුන්වාදීමට සිදුවීම හාස්‍යජනක බවය.

“මම තන පටයක් හදලා ඒකට සාරියක් කියන නමක් දැම්මොත්, සමහර ජනතාව ඒ ගැන කුපිත වෙයි. ඒක කිසිම ගරුසර නොමැතිව කළ දෙයක් වෙනවා. කිමෝනෝ කියන්නේ ජපානයේ අනන්‍යතාවයේ සංකේතයක්. ඒ වචනය කිම් කාඩේෂියන්ට අයත් නැහැ,” ඇය කියා සිටියාය.