ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ අධිකරණයකට තවත් පැමිණිලි 10ක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඊයේ (26) පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ පුරවැසියෙකු බැවින් අදාල පැමිණිලි ඇමරිකාවේ අධිකරණයක් හමුවේ ගොණුකර ඇති බව සදහන්. අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් එම වාර්තාවල සදහන්.
ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් මාසයේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුද්ගලයින් තිදෙනෙකු විසින් ඇමරිකාවේ අධිකරණයක් හමුවේ පැමිණිලි ගොණු කර තිබුණි.