NewsSlider විශේෂ මහාධිකරණයට බලයක් නැතැයි කී ගෝඨාගේ පෙත්සම අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි. June 18, 2019 Kamal Dhammika තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රතිශෝධන පෙත්සම සහ අභියාචන රීට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය. මෙම ප්රතිශෝධන පෙත්සම හා අභියාචනය විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය මෙම පෙත්සම් ඉවත දමන ලදී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභාය රාජපක්ෂ මහතා ගේ නඩුව විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව දැනුම් දෙන ලදී. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය. එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියාසිටියි. එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු පෙන්වා දේ. එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ. Post Views: 1,119 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print