ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් 07 විභාගයට ගැනීම සඳහා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා තීරණය කර තිබේ.

අද (06) මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබිණි.

මීට පෙර මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසයි.

බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාය.