ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගෝඨාභයට අසාධ්‍යයි..! චම්පිකගේ වෙබ් අඩවියක් හෙළි කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අසාධ්‍ය බව චම්පික රණවක මහතාට අයත් වෙබ් අඩවියක් වන Gossip 2020 වෙබ් අඩවිය වාර්තා කර සිටී. ජනාධිපති මාධ්‍ය අංශය පල කරා යැයි අසත්‍ය පුවතක් ලෙස ද එහි තිබෙන අතර එහි අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරිම බව පැහැදිලි වී තිබේ.

ඔවුන් එය වාර්තා කර තිබෙන්නේ මෙසේ ය.

“හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මාසයක පමණ සිට සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින්නේ හෘද රෝගයක් සදහාය.මේ වන විට ඔහුට සැත්කමක් පවා සිදුකරන තිබෙන අතර අද වන විට එය අසාධ්‍ය තත්වයට පැමිණ ඇත.හදවතේ ක්‍රියාකාරිත්වය 40 % දක්වා අඩුවී ඇති අතර මිට පෙර නවතා දැමු ගෝටාභය රාජපක්ෂ සහභාගී වන රැස්වීම් වලට අමතරව මීලග මාස කිහිපයේද ඔහු සහභාගී වන රැස්වීම් සියල්ල අවලංගු කිරීමට මේ වන විට උපදෙස් ලැබී ඇත.” යනුවෙන් එම පුවතේ සඳහන් වේ.

(උපුටා ගැනීම – අඬහැරය)