“හෙට භයානකයි, කුමක් හෝ විය හැකියි”.. 20 රාත්‍රියේත් ආරක්ෂක ලේකම් කීවා – පූජිත් ජයසුන්දර
අප්‍රේල් මස 20 වෙනිදා සවස තමාට 21 වන දින බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකි බවට පවසමින් දුරකථන ඇමතුමක් ලැබුණු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.
සවස 6.30 ත් 8 ත් අතර කාලයේ දී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම දුරකථන ඇමතුම ලැබුණු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
එහිදී “හෙට භයානකයි, කුමක් හෝ විය හැකියි” යනුවෙන් පමණක් එම දුරකථන පණිවුඩයෙන් තමාට පැවසු බව ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒ පිළිබඳව තමන්ගේ දුරකථන සබඳතා ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවත් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රහාර සම්බන්ධයෙන් සියලු දෙනා තමා දැනුවත් කළ බව ද පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.