ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයට සහාය දෙනවා-මහින්ද
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයට සහය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ලංකා සම සමාජ පක්ෂය සමග විජේරාම නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කරන ලදි.
මෙහිදී අදහස් දැක්වු විපක්ෂ නායකවරයා
“මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙලා නැහැ කියලා අද ජනපති ලේකම් කිව්වා. බදියුදීන් අමාත්‍යවරයාටයි, හිස්බුල්ලා, අසාද් සාලි ගැනම කතා කරලා වැඩක් නැහැ. දැන් එයාලා ඉල්ලා අස්වුණානේ. අපි බලාගෙන ඉන්නවා ඉදිරියට කරන දේ ගැන. ජ.වි.පෙ.ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා. අපි ඒකට සහයෝගය දෙනවා.” මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.