ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මාධ්‍ය හමුවේ බොරු වැපුරූ සහරාන්ගේ බාල සොහොයුරිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඞ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඞ් කාසිම් මොහොමඞ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය මගින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ගනු ලැබුවාය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි. පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවට පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත.
සහරාන් හසීම් සහ ඔහුගේ ක‍්‍රියා කලාපයන් ඇය මීට පෙර මාධ්‍ය හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබුණි. තම වැඩිමහල් සොහොයුරා වසර දෙකකින් පමණ තමාට කතා කර නොමැති බව ඇය මීට පෙර පවසා තිබුණි.
“මම ඔහු කරපු දේට සම්පුර්ණයෙන් ම විරුද්ධයි. ඔහු මගේ සොහොයුරා වුණත් මට මේක පිළිගන්න බැහැ. මම මින් පස්සේ ඔහු ගැන සොයන්නේ නැහැ.” යනුවෙන් එහිදී ඇය ප්‍රකාශ කර තිබුණි.
මෙයට දින කිහිපයකට පෙර සහරාන්ගේ රියැදුරු ලෙසට සැලකෙන ගෆුර් නමැත්තා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.