NewsSlider සහරාන්ගේ අන්තවාදී දේශන ඇතුළත් CD තැටි කීපයක් සොයා ගැනේ May 2, 2019 Kamal Dhammika රාජ්‍ය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.එහිදී කහතෝවිට ප්‍රදේශයේදී මොහොමඩ් ඉම්බ්‍රාන් නැමැති පුද්ගලයෙකු ඩ්‍රෝන කැමරාවක්, දුරස්ථ පාලකයක්, කැමරා උපාංග, ලැප්ටොප්, කැමරාවක් හා දෘඩාංග තැටියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අදාල දෘඩාංග තැටි තුළ තිබී සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන හා ත්‍රස්තයින් කිහිප දෙනෙකුගේ ඡායාරූප ද සොයාගෙන ඇති බව වාර්තා වේ. Post Views: 342 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print