තිස්ස අත්තනායක සමාව ගන්නවා නම් ‘කූට ලේඛන’ නඩුව කෙටියෙන් විසදන්න ජනපති අගමැති එකඟවේ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් විසදාගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාවය පළකර තිබේ. ඒ පිළිබඳව ඔවුන් කොළඹ මහධිකරණයට දැනුම් දී ඇත. තිස්ස අත්තනායක මහතා මේ සම්බන්ධයෙන් සමාව ලබා ගන්නේ නම් මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි නිතිඥයන් දැනුම් දුන්හ.
වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගනිමින් කූට ලේඛන සැකසීම සම්බන්ධව අත්තනායක මහතාට මෙම නඩුව පවරා තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය පලකරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මෙලෙස කූට ලේඛන සකස් කර තිබුණි.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරීයේ අද (04) කැදවූ අවස්ථාවේ නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සදහා දිනයක් ලබා දෙන ලෙසයි අදාල පාර්ශවයන් ඉල්ලා සිටියේ. ඒ නඩුව අප්‍රේල් 24 වෙනිදා යළි කැඳවීමට නියම කළේය.