NewsSlider අමල් පෙරේරාගේ පුතු නදීමාල් ප්රශ්න කිරීමෙන් පසු ගෙදර යවයි (Update) March 27, 2019 Kamal Dhammika ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුතු වන නදීමාල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද උදෑසන දිවයිනට පැමිණි පසු පොලිස් මත්ද්රව්ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 7ක් තිස්සේ කළ ප්රශ්න කිරීම් වලින් පසුව අද සවස 3.00ට පමණ ඔහු නිදහස් කළ බව පොලිස් මාධ්ය ඒකකය පවසයි. ඒ අනුව අද(27) පස්වරු 3 ට ඔහු මුදා හැරි බව පොලීසිය සඳහන් කරයි. නදීමාල් සමඟ පිටුවහල් කළ බන්ධනාගාර නියාමකවරයෙක් වන ලලිත් කුමාර යන අයගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තව දුරටත් ප්රශ්න කිරීම් සිදු කරන බව ද පොලීසිය පවසයි. පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට නමගිය අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ පිරිසක් ඩුබායිහී ජුමෙයිරා මරීනා ප්රෙද්ශයේ තරු පන්තියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ කොකේන් නැමැති විෂ මත්ද්රව්ය ළඟ තබාගැනීම සහ පානය කිරීම යන චෝදනාවට අදාළවයි. මාකඳුරේ මධූෂ් සමඟ ජනප්රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන අයද අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් එරට පොලිස් භාරයේ තබාගෙන විමර්ශන ආරම්භ කෙරුණි. කෙසේවෙතත් දින 50 කට ආසන්න කාලයක් ඩුබායි අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුව එරටදී අත්අඩංගුවට පත්වූවන් අතර සිටි තරුණ ගායක නදීමාල් පෙරේරා සහ මෙරට බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස කටයුතු කළ ලලිත් කුමාර නැමැත්තා ඩුබායි රාජ්යෙයන් පිටුවහල් කිරීමට එම රජය පියවර ගෙන තිබුණි. ඒ අනුව අද පෙරවරු 6.15 ට පමණ fly dubai ගුවන් සේවයට අයත් FZ 547 ගුවන් යානයෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා දිවයිනට පැමිණියේය. පොලිසීය සඳහන් කළේ මෙරටට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය මඟින් ඔවුන්ගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කළ බවයි. අමල්ගේ පුත් “නදීමාල් අත්අඩංගුවට ගත්තේ නැහැ – ප්රශ්න කිරීම් පමණයි“ පොලීසියෙන් නිවැරදි කිරීමක් (Update) Post Views: 600 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print