NewsSlider අමල්ගේ පුත් “නදීමාල් අත්අඩංගුවට ගත්තේ නැහැ – ප්‍රශ්න කිරීම් පමණයි“ පොලීසියෙන් නිවැරදි කිරීමක් (Update) March 27, 2019 Kamal Dhammika ඩුබායි වලින් පිටුවහල් කළ අමල් පෙරේරාගේ පුතු නදීමාල් පෙරේරා හා කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අය කටුනායක ගුවන්තොටුපලට පැමිණීමෙන් පසු අත්අඩංගුවට නොගත් බවත් ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ප්‍රශ්න කිරීම් පමණක් සිදුකරන බව පොලිසිය නිවේදය කරයි. අද දින මොවුන් FZ 547 දරන fly dubai ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇත. ඩුබායිවලින් පිටුවහල් කල අමල් පෙරේරාගේ පුත් නදීමල් ලංකාවේදී නැවතත් අත්අඩංගුවට 2019 Mar 27 සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කර තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ්. 547 දරන ගුවන් යානයෙන් අද(27) උදෑසන 06.15 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ඩුබායි අත්අඩංගුවේ පසු වූ නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරිවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අය මෙලෙස එරටින් පිටුවහල් කර ඇති අතර ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. Post Views: 950 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print