ලංකා කම්කරු කොංග්රසය මහින්ද අතහරී..! ආරුමුගම් තොණ්ඩමන් ආණ්ඩුවට එක්වෙයි.
ලගදීම පිහිටුවීමට සැලසුම් කර ඇති ජාතික ආණ්ඩුවට පාර්ශවකරුවෙකු ලෙස එක්වන්නැයි ලංකා කම්කරු කොංග්රසයට එකසත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර ඇත. ප්රබල එජාප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් මෙම ආරාධනාව කර ඇත්තේ ලංකා කම්කරු කොංග්රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ටයි.
කෙසේ නමුත් එම යෝජනාවට මේ දක්වා තොණ්ඩමන් මහතා කැමැත්ත හෝ අකමැත්ත ප්රකාශ කර නැත.
මේ අතර පසුගියදා 2019 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ මුත්තු සිවලිංගම් මහතා අයවැයට පක්ෂව එජාපය හා එක්ව ඡන්දය ප්රකාශ කරන ලදි.