ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

බැසිල් ඉල්ලන්නේ නෑ… ගෝඨා ගැන තාම තීරණයක් නෑ… අපේක්ෂකයා තාම හොයනවා..! – මහින්ද පුවත්පත් කතුවරුන්ට කියයි.

තම පවුලේ හමුවකදී ඉදිරි ජනාධිපතිවරඛයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කල බවට ප්‍රවෘත්ති පලවන බවත් ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(26) පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බවත්, බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

“පවුලේ පොඩි සාදයක් තිබුණා. ඒකේ කතා කළේ නෑ (ජනපති අපේක්ෂකත්වය). පවුල් එකතු වෙන්නේ නැත්ද? එකනේ මට තිබෙන ලොකුම චෝදනාව ‘සහෝදර සමාගම’. දැන් අපේ ප්‍රධානියා චමල් රාජපක්ෂ මහතා එතුමා කැඳවනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එනවා කියලා තිරණයක් ගත්තේ නෑ. බැසිල් මහත්තාය එනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා. චමල් එනවා කියනවා. පවුලේ එක එක්කෙනා ගැන ලොකු ලොකු මතවාද ආවා. බැසිල් කිව්වා මම නම් එන්නේ නෑ කියලා.

තාම මම දිනන්න පුළුවන් කෙනා හොයනවා. තාම එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපේ අපේක්ෂකයා තීරණය කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඔක්තෝබර් 26 දා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එකතුවීම හේතුවෙන් ජනතාව අතර තිබූ උද්යෝගය තරමක් අඩුවූ බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීහ. ඔක්තෝබර් 26 දා එක්වීමේදී ජනපතිවරණය ගැන සාකච්ඡා නොකළ බවත් ඉදිරි ජනපතිවරණයේදී ජයගත හැකි අපේක්ෂකයාට සහයෝගය දක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.