අයවැය පරාජය කිරීමට නොහැකිවුයේ විපක්ෂ නායක මහින්දගේ දුර්වල නායකත්වය නිසයි.
අයවැය පරාජය කර මහමැතිවරණයක් දිනාගැනීමට මහගු අවස්ථාවක් ඊයේ දිනයේ විපක්ෂයට හිමිවුවද ඉන් නිසි ප්‍රථිපල නෙලා ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට නොහැකිවිය. ඊට ප්‍රධාන ලෙසම හේතුවුයේ විපක්ෂය නියෝජනය ශ්‍රිලනිප මන්ත්‍රීවරු පිරිසක් අයවැය ඡන්ද විමසන අවස්ථාව හිතාමතාම මඟහැරීමයි. එම මෛත්‍රීපාල සිරිසේන යටතේ ඉන්න මන්ත්‍රීවරු දැනටමත් සංධාන මන්ත්‍රී කණ්ඩායම ලෙස මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එකට වැඩකරන තත්වයක් තුලය.
මීට අමතරව මහින්ද රාජපක්ෂ පාර්ශ්‍යවය සමග දිගටම කටයුතු කල ඊපිඩිපි සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා මෙන්ම පසුගිය දේශපාලන කුමන්ත්‍රණයේදී එජාපයෙන් ඉවත්වී රාජපක්ෂ මහතා සමඟ එක්වු අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ හා අසෝක ප්‍රියන්ත යන මන්ත්‍රිවරුද ඊයේ(12) ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණියේ නැත. තවද රාජපක්ෂ මහතා සමග මෙකෙත් කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගන් තොණ්ඩමන් හා මුත්තු සිවලිංගම් යන මන්ත්‍රීවරු ආණ්ඩුව හා එක්වෙමින් මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලදි.
මේ පිලිබදව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මාර්තු 13 වනදා ජනාධිපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැණෙන බැවින් අයවැය දෙවන වර කියවීමේ ඡන්දය විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට තීන්දු කරන්නට ඇතැයි තමන් සිතන බවයි. ශ්‍රිලනිපය අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේ නම් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරනු ඇතැයි ඔවුන් සිතන්නට ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
අයවැය පරාජය කරන බවටත් මැතිවරණයක් දිනා ගන්නා බවටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් දිගින් දිගටම දේශපාලන වේදිකාවලත් මාධ්‍ය සාකච්ඡා තුලත් කළ ප්‍රකාශ පුස්සක් බවට පත්වීම නිසා ඇතිවූ කැළඹීම නිසා මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස පැවසුවේ පහත ආකාරයටය.
“මං හිතන්නේ හෙට ජනාධිපතිවරයාගේ මේවා එක තියෙන හින්දා එයාලා හිතන්න ඇති ඒකට විරුද්ධ වුණොත් මේ .. ඔවුන් විරුද්ධ වෙයි කියලා ඒකට. ඒක හින්ද ඡන්දෙන් වැළකිලා ඉඳලා මෙව්වා වුණා”
මෙම තත්වය තුල විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ තමන්ගේ අසාර්ථකබාවය රටට පෙන්වු බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. මේ අනුව තමන් සමග සිටින මන්ත්‍රීවරු මෙන්ම මීට පෙර තමන්ට සහාය පලකල මන්ත්‍රීවරු සැලකියයුතු පිරිසක්ද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා අපොහොසත්වී ඇතිබව ඉතා පැහැදිලිව පෙනීයයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බව එජාප ජ්‍යෙෂ්ඨ නායකයින් බොහෝ දෙනෙක් අයවැය සම්බන්දයෙන් අදහස් දක්වමින් මීට පෙර ප්‍රකාශකර තිබුනි. එවැනි සහතිකයක් ආණ්ඩුව පාර්ශ්‍යවයෙන් ලබාදී තිබෙන මෙහොතක විපක්ෂ නායකවරයා මීට වඩා මෙවැනි අවස්ථාවක වගකීම් සම්පන්නව කටයුතු කලයුතුව තිබු බව ඉතා පැහැදිලිව පෙනීයයි.