ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අද දිවයිනේ සියලු ගුරුවරු එකවර ලෙඩවෙයි.

ගුරු සහ විදුහල්පතිවරුන් අද(13) දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය  සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. ඒ අනුව ගුරුවරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දැමා සේවයට වාර්තා නොකර සිටින අතර, දිවයින පුරා සිටින ‍ගුරුවරුන් මෙයට සහයෝගය දක්වනු ඇත.

වැටුප් විෂමතා ඉවත් කැර ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම, ගුරුවරුන්ට බලපෑම් කරමින් සිදු කරවන කොළ පිරවීම් හා වාර්තා සකස් කිරීම් ඇතුළු පීඩාකාරී කටයුතු වහා නතර කිරීම, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කිරීම යන ප්‍රධාන ඉල්ලීම් තුන මුල් කොට ගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ද එම සංගම් පවසයි.

ශ්‍රී ලංකාවේ පාසල් 10162 ක ගුරුවරුන් දෙලක්ෂ හතලිස් එක්දහසක් සහ විදුහල්පතිවරුන් පහළොස්දහසක් පමණ මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට එක්වීමට නියමිත බවද, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සංගමය ද පූර්ණ සහය පළ කොට ඇති බව ද එම සංගම් පවසයි.