ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

බ්‍රසීලයේ Blocao සුනඛ සැනකෙළිය ඇරඹේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ සැණකෙළි සමය ආරම්භ වී ඇත. ඊට සමගාමීව විවිධ තේමා මුල් කරගෙන පැවැත්වෙන සැණකෙළි එරට තුළ මේ දිනවලදී දැකගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුනඛ සුරතලුන් සඳහා සුවිශේෂී වූ සැණකෙළියක්  බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ  පැවැත් වේ. ඊට සමගාමීව මෙම අලංකාර පාගමන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සිය සුනඛ සුරතලුන් කැටුව බොහෝ දෙනෙකු සහභාගී විය.

වාර්ෂිකව  පැවැත්වෙන මේ උත්සවයේදී  විවිධ ශරීර හැඩ සහ ප්‍රමාණවලින් යුතු සුනඛයින් දැකගත හැකියි. හිමිකරුවන් සිය  සුරතලුන් හැඩගන්වා ඇති ආකාරය කාගේත් සිත් ඇදගන්නා සුළු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෘතුගීසි භාෂාවේ වීදි සාද සහ සුනඛයා යන වචන කැටිකොට බ්ලොකැඔ (Blocao) යන නමින් මෙම උත්සවය හඳුන්වනු ලබයි. ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන එම උත්සවයට සමගාමීව පැවැත්වෙන පාගමන බ්‍රසීල වැසියන්ගේ වැඩි අවධානයක් සහ ආකර්ෂණයක්  දිනාගැනීමට සමත් විය.

මේ අතර  රියෝ ද ජැනයිරෝ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන  සැණකෙළි සඳහා සහභාගී වීමට මෙවර මිලියන හයකට වැඩි ජනතාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.