ගෝඨා අත්සන් කල Sofa ගිවිසුම හොර රහසේම ගිවිසුම දීර්ඝ කර රනිල් ලංකාව ඇමරිකාවේ පිලිකන්නක් බවට පත් කරලා .
ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම නැවත දීර්ඝ කරනවා නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ නමුත් එම ගිවිසුම නැවත හොර රහසේම දීර්ඝ කොට ඇතැයි ජවිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක චෝදනා කරයි. එසේ හොර රහසේ දීර්ඝ කිරීමෙන් එම ගිවිසුම ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය කෙතරම් වේගවත් දැයි පැහැදිලි වන බවද මන්ත්‍රිවරයා කීය.
ශ්‍රී ලංකාව තුල අමෙරිකානු හමුදාවන්ට අදාළ යුධ සේවා පහසුකම් සැපයීම සදහා ගිවිසුම්ගතවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන දේශපාලන නායකයින් තිදෙනාම වගකිව යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා එල්ල කළා.
ඔහු පැවැසුවේ මෙම ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුමට අමතරව තවත් ඉර්ණීජ්ඒ නමැති ආරක්ෂක ගිවිසුමක් ආණ්ඩුව විසින් අස්සන් කිරීමට යන බවත් මෙවැනි ආරක්ෂක ගිවිසුම් අස්සන් කිරීමට ලංකාවේ ආණ්ඩුවලට බලයක් නොමැති බවත්ය.
ලංකාව ඇමෙරිකානු පිළිකන්නක් බවට පත්කරන ආරක්ෂක ගිවිසුම් අස්සන් නොකළ යුතු බවට අවධාරණය කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රටේ ආරක්ෂක අංශය භාරව සිටින ජනාධිපති මෛත්‍රි මේ ගැන ඔහුගේ ස්ථාවරය කුමක් දැයි රටට පැහැදිලි කළ යුතු බවය. ඔහු මේ බව පැවැසුවේ 3දා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
2017 මාර්තු මාසයේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකානු තානාපතිවරයා විසින් ආරක්ෂක ගිවිසුමක් අස්සන් කළා. ඇමෙරිකන් හමුදා කටයුතුවලට ශ්‍රී ලංකා රජය විසින් සේවාවන් ලබාදීම සඳහා. එම ගිවිසුම අස්සන් කරන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදීත්, එළියේදීත් මෙම ගිවිසුමට විරෝධය පළ කළා. මෙම ගිවිසුම අස්සන් කළෙත් හොර රහසේ. එම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව අස්සන් කොට තිබෙන නොබැඳි විදේශ ප්‍රතිපත්තියත් උල්ලංඝනය වෙනවා. 2007 අස්සන් කරපු එම ගිවිසුම වසර 10ක් පිරුණු පසු 2017 මාර්තු 6 වැනිදා කල් ඉකුත් වුණා. ඒ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ අපි විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කළා. ඒ මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා නැවත දීර්ඝ කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා කියලා. නමුත් එම ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම නැවත වරක් හොර රහසේම දීර්ඝ කොට තිබෙනවා.
රටේ ජනාධිපතිවරයා කොයි වෙලාවෙත් කතා කරන්නේ රටේ ස්වෛරීභාවය ගැනයි. නමුත් ඔහු විසින්ම තමයි මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීම සඳහා 2017 ජුනි 30 කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ. ගෝඨාභය අස්සන් කරපු ගිවිසුමත් දීර්ඝ කරන ගිවිසුමත් අතර වෙනස තිබෙන්නේ අලුත් ගිවිසුමේ කාලසීමාවක් නොමැති වීමයි. සදාකාලිකවම ඇමෙරිකාවට යුද්ධවලට සේවා සපයන්න ගිවිසුම් අස්සන් කරන්න මෛත්‍රිට හෝ රනිල්ට තිබෙන අයිතිය මොකක්ද? ඔවුන්ට ජනවරම තිබෙන්නේ වසර පහක් පමණයි. 2017දී මෙම ආරක්ෂක ගිවිසුම කාලසීමාවක් නොමැතිව දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡා අතරතුරදී ලංකාවේ ආරක්ෂක විශේෂඥයෙක් එහි අහිතකර බව පෙන්වා දී තිබෙනවා. නමුත් මෛත්‍රිපාල ජනාධිපතිවරයා සිදු කර තිබෙන්නේ එම ආරක්ෂක විශේෂඥයා සාකච්ඡාවලින් ඉවත් කිරීමයි. ඉන් පසුව එම ගිවිසුම අස්සන් කොට තිබෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා සහමුලින්ම ඇමෙරිකාවට යටත් වෙමින් මෙම ගිවිසුම අස්සන් කළා. අගමැතිවරයා රටට බොරු කිව්වා.
ඉර්ණීජ්ඒ නමින් ඇමෙරිකානු හමුදාවේ කීර්තිය ඉහළ නංවන්න ගිවිසුමක් පිළිබඳව අපිට දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබුණේ ඇමෙරිකානු හමුදාවට සහ ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට අයත් සිවිල් පුද්ගලයන්ට යුද කටයුතු සඳහා තානාපති වරප්‍රසාද සහිතව විවිධ සේවා ලබාදීම සඳහා 1995 සිට ගිවිසුමක් අස්සන් කර තිබෙන බව. ලංකාව අස්සන් කළේ ඇමෙරිකාව හදලා එවපු ගිවිසුමකටයි. හරියට කණ අස්සන ගැහුවා වගේ. නමුත් ඒ පිළිබඳ රට දැනගෙන හිටියේ නැහැ. ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලයක් විසින් ඇමෙරිකානු රජයට යෝජනා කොට තිබෙනවා ලෝකය පුරා අස්සන් කොට තිබෙන සියලුම යුද ගිවිසුම් නැවත බලාත්මක කොට ඇමෙරිකාවට වාසි වන පරිදි සකස් කරන්න කියලා.
ඒ අනුව තමයි මෙම යෝජනා එන්නේ. එම ගිවිසුමට අනුව ඇමෙරිකාවේ හමුදා සොල්දාදුවන්ට, ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සිවිල් පුද්ගලයන්ට, යුද්ධයට සේවා සපයන සියලුම දෙනාට 1961 වියානා සම්මුතියට අනුව තානාපති පහසුකම් ලබාදෙන්න යෝජනා කරනවා. ඒ වගේම එම සියලුම පුද්ගලයන්ට පාස්පෝට් නොමැතිව, හැඳුනුම්පත පමණක් භාවිත කොට ලංකාවට එන්න අවස්ථාව ලබාදිය යුතු වෙනවා. ලංකාව ඇමෙරිකාවේ පිළිකන්නක් බවට පත් කරන යෝජනාවක් මේක. අපේ රටේ රාජ්‍ය නායකයාටවත් හැඳුනුම්පත් පෙන්නලා ඇමෙරිකාවට යන්න බැහැ. අපේ රටේ යුද හමුදාපතිවරයාටවත් හැඳුනුම්පත පෙන්වලා ඇමෙරිකාවට යන්න බැරි වුණාට ඇමෙරිකාවේ අද හමුදාවට බැඳෙන සොල්දාදුවාටත් ඔහුගේ හැඳුනුම්පත් පෙන්වලා ලංකාවට එන්න පුළුවන්.
ඒ වගේම ඇමෙරිකානු සොල්දාදුවන්ට ඔවුන්ගේ නිල ඇඳුමින් ඕනෑම ආයුධයක් සහිතව ලංකාවට එන්න අවස්ථාව තිබෙනවා. ඔවුන් ලංකාව ඇතුළත වරදක් කළොත් බල පවත්වන්නේ ඇමෙරිකානු නීතියයි. ඇමෙරිකානු සෙබළුන් යුද දෙපාර්තමේන්තුවේ පුද්ගලයන් සහ ඇමෙරිකානු යුද සේවා සපයන ඕනෑම කෙනෙකුත් ලංකාවේදී ලබා ගන්නා සේවාවලට, මිලදී ගන්නා භාණ්ඩවලට බදු නිදහස් කොට තිබෙනවා. ලංකාවේ ආගමන විගමන නීති කිසිවක් බල නොපා ඔවුන්ට ඕනෑම දෙයක් ආනයනය අපනයනය කරන්න පුළුවන්. ඇමෙරිකානු හමුදාව ලංකාවට ගෙන්වන නැව්, ගුවන් යානා කිසිවක් ලංකාව තුළ පරීක්ෂාවට භාජන කළ නොහැකියි. මෙවැනි සේවා සපයන ගිවිසුමක් තමයි 95දී අස්සන් කොට තිබෙන්නේ.
නිල වශයෙන් ඇමෙරිකානු යුද කඳවුරක් ස්ථාපිත නොකළත් යුද කඳවුරක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලුම පහසුකම් ලංකා රජය විසින් ලබාදීමට බැඳී තිබෙනවා. ඇමෙරිකාව සිදු කරන ඕනෑම යුද්ධයකදී ඇමෙරිකාවේ පැත්ත ගැනීමට මෙම ගිවිසුම්වලින් බැඳී තිබෙනවා. එසේ නොමැතිවුවහොත් ඇමෙරිකාව කරන්නේ කුමන හෝ කරුණක් පදනම් කරගෙන තමන්ට එරෙහි වන රටවලට ප්‍රහාර දියත් කරන එකයි.
ඒ නිසා අපි අවධාරණය කරන්නේ මෙවැනි ආරක්ෂක ගිවිසුම් අස්සන් කිරීමට ලංකාවේ ආණ්ඩුවලට බලයක් නොමැති බවයි. මෙවැනි ගිවිසුම් අස්සන් කළ පසුව එම ගිවිසුම් අහෝසි කිරීම පහසු කරුණක් නෙවෙයි. මෙවැනි ගිවිසුම් මඟින් අපේ රට ඇමෙරිකාවේ යුද ක¼දවුරක් බවට පත්වීම වැළැක්විය නොහැකියි. මෙවැනි යටත්වීමේ ගිවිසුම් අස්සන් නොකරන ලෙසත් දීර්ඝ නොකරන ලෙසත් අපි ආණ්ඩුවට බල කරනවා. ඒ වගේම ජනතාවට කියනවා මෙවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව ආණ්ඩුවට සිය විරෝධය පළ කරන්න පෙළ ගැසෙන්න කියලා.
“මව්බිම”