ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයට වන නිලධාරියෙකුත් අත්අඩංගුවට.

රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරීයා හා පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකාර බීට්ටු වන නිලධාරියා අදාල වනාන්තරය තුළ සිරුරු පුලුස්සා දැමිය යුතු ස්ථානය පෙන්වා දීම මෙන්ම ඊට ආධාර අනුබල දීමද සිදු කර ඇති බව රහස් පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.

එම සැකකරු මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නැමැත්තාගේ මිතුරකු බවද අනාවරණයවී තිබේ.

දික්වැල්ල වේහැල්ලේ පදිංචි එම 39 හැවිරිදි එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම අපරාධය අනාවරණය වීමත් සමඟ සැඟවී සිටිබව කියන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන  ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාරවී තිබේ. අධිකරණ නියෝග මත පැය 48 ක කාලයක් ඔහු රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයින් දෙදෙනාට අයත් බව කියන ජංගම දුරකතන තුන දික්වැල්ල ප්‍රදේශයේ කලපුවකට විසි කර ඇති බව ප්‍රකාශකර තිබේ.