ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රතිපත්තිමය වශයෙන් 20වැනි සංශෝධනය අනුමත කරනවා.- (වීඩියෝ)

තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විසිවැනි සංශෝධනය අනුමත කළ හැකි වුවද , ඒ සඳහා වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහාසෑය වෙත පැමිණි විපක්ෂනායකවරයා විහාරස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද වැඳපුදාගත් විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේය. පසුව දෙමටගල ශ්‍රී ශෛලතලාරාම විහාස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වෙනුවෙන් කොත්වහන්සේ පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ද විපක්ෂ නායකවරයා සහභාගි විය.