ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තිලකා ජයසුන්දර මහත්මියට මංගලගෙන් තවත් තනතුරක්..!

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය ෙඊයේ (18) දින මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි . මෙම තනතුරට අමතරව මංගල සමරවීර ඇමතිවරයා විසින් ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ද පත්කර ඇත.

පාර්ලිමේන්තු පනතකින් පිහිටවනු ලැබූ සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වානිජමය හෝ වානිජමය නොවන රජය සතු ව්‍යාපාර පිළිබඳව මහා භාණ්ඩාගාරය මගින් ඉටු විය යුතු සේවාවන් සම්බන්ධ අධීක්ෂණය සිදුකිරීම,රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් වේ.

තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ වැඩ බාරගත් අවස්ථාව..

Image result for තිලකා ජයසුන්දර

Related image

Related image