එදා ‘දේශප්‍රේමී’ විමල්ගෙන් අද ‘යහපාලන’ රවීගෙන් පිං පඩි කෑ අයගේ වතගොත සියල්ල හෙලිවෙයි.
යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ රවී කරුණානායක විසින් තම දේශපාලන හිතවතුන්ට ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් දීමනාවන් සහ එම නම් ලැයිස්තුව මේ වනවිට අනාවරණය වී තිබේ. එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය දරන ප්‍රකට හිමි නමකගේ සොහොයුරියක්ද වෙති. මීට අමතව පූජ්‍ය දඹර අමිල හිමිට වවුචර්පත් හරහා මාසිකව රුපියල් 95000ක මුදලක් ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිණුමකින් ලබාදී තිබෙන බවද හෙලිවෙයි.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ මෙවැනි වංචා දුෂණ වලට එරෙහිව යහපාලන සංකල්පය මුලික කරගනිමින් බලයට පැමිණි රනිල්-මෛත්‍රි ප්‍රමුඛ පෙර පාලනය ගිය අඩි පාරෙම යමින් මේවනවිට දැවැන්ත වංචා දුෂණ වල නිරතවී ඇති බව මේ අනුව පෙනී යයි.
පුදුමයට කරුණ වන්නේ පසුගිය රාජපක්ෂ පාලනයේ වංචා දුෂණ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා රනිල්-මෛත්‍රී ආණ්ඩුව පිහිටවු විශේෂ මහාදීකරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමීණී සෙනත්ට එරෙහි නඩුවක් විභාගවන අතරතුර මෙම දුෂණ එළියට පැමිණීමයි. මේ අනුව පෙනී යන්නෙ රාජපක්ෂ පාලන සමයේ වංචා දුෂණ සමාජගත කරමින් ඊට එරෙහිව යහපාලනයක් නිර්මාණය කිරීමට පැමිණි රනිල් – මෛත්‍රී ප්‍රමුඛ පිරිසද පෙර පාලනයසේම රාජ්‍ය මුදල් තම දේශපාලන හිතවතුන්ට දන් දෙමින් අන්ත දුෂිත පාලනයක් ගෙන ගොස් ඇති බවයි.
මෙම තත්වය 2011 සිට 2014 දක්වා කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බත්තරමුල්ල උප ව්‍යාපෘති කාර්යාලය සහ “ජන සෙවණ” අධීක්ෂණ කාර්යාලය යනුවෙන් කාර්යාල 02ක් පවත්වාගනිමින් හිටපු නිවාස හා ඉදිකිරීම් අැමති විමල් වීරවංස විසින් සිය හිතවතුන් සහ ඥාතීන්ට සංග්‍රහකිරීම සඳහාද තම පක්ෂ සාමාජිකයන්ට දේශපාලන කටයුතුවල යෙදීම වෙනුවෙන් රජයේ වැටුප් ගෙවීම සඳහාද කටයුතු කළ තවත් අවස්ථාව සිහියට නගයි.
එදා රාජපක්ෂ පාලන සමයේ නිවාස අමාත්‍යාංශයට අනුබද්ධ ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගම යටතේ විස්සකට ආසන්න පිරිසකට පත්වීම් ලබා දී ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු හැරෙන්නට සෙසු 17දෙනා වෙනත් වෘත්තීන්වල නිරතවෙමින් සිටියදී ඕෂන්වීව් සමාගමෙන් මෙලෙසම වැටුප් ලබා ගෙන තිබුණි. එලෙස වැටුප් ලබාගත් පිරිසෙන් විමල් වීරවංස අමාත්‍යවරයාගේ හිතවතුන් සහ ඥාතීන් වැටුප් සහිතව එම කාර්යාලයෙන් මුදා හරින ලෙස වීරවංස අමාත්‍යවරයා දන්වා ඇති අතර ඔවුන් සෘජුවම යෙදී ඇත්තේ අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතුවලය. එම පිරිස අතර විජය පුවත්පත් සමාගමේ මාධ්‍යවේදියෙකු වන ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ද එම කාර්යමණ්ඩලය අතර සිටී අතර ඔහු එම කාර්යාලයේ ප්‍රවෘත්ති සම්බන්ධීකාරක තනතුර හොබවන ලදි.
රවී කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් පිිරිස.

හිටපු නිවාස හා ඉදිකිරීම් අැමති විමල් වීරවංස විසින් සිය හිතවතුන් සහ ඥාතීන්ට මෙන්ම පාක්ෂිකයින්ට සංග්‍රහ කර තිබූ අයුරු පහතින්..



