ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විශ්වාසභංගයෙන් පරාජය වී සිටින අගමැති මහින්දගේ මුදල් කපා හැරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට.

පසුගිය 26 වනදා ව්‍යවස්ථාවට පටහැනි ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව අගමැති ලෙස දිවුරුම්දුන් මහින්ද රාජපක්ෂට වෙන් කෙරෙන මුදල් කපා හැරීමේ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. අද(29) දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළමු හා එකම යෝජනාව ලෙස දැක්වනුයේද මේ යෝජනාවයි.

පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඉකුත් දා භාරදෙනු ලැබිණි.