පාර්ලිමේන්තුවට අද(29) සහභාගීවනවාද? නැද්ද? තාම තීරණයක් නැහැ – දිනේෂ් ගුණවර්ධන
අද(29) දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පෙරවරු 08.30ට තම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන බවයි. එහිදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.